Friday 6 January 2012

මම කියන දේවල් අහන්නේ නැති මගේම හිතුවක්කාර කකුල් දෙක


මගේ පළමු ලිපිය මේක. අවුරුදු ගණනාවකට පෙර හැන්දෑවක කාර්යාලය ඉවරවෙලා ගෙදරට එන ගමන් මම පැදගෙන ආපු ස්කූටර් එක ඉදිරියෙන් ආපු වෑන් එකක හැප්පිලා මගේ අලුත් කතාව ආරම්බ උනා. අවුරුද්දක් විතර ප්‍රතිකාර අරගෙන රෝද පුටුවකින් ගෙදර අවා. මගේ මුළු ජිවිතයම උඩුකුරු උනා කියල හිතුන. ඉස්සර ආපු යාලුවෝ නෑදෑයෝ සියලුම දෙන ටිකින් ටික මගෙන් ඈත් උනා. ලෝකෙට හොරෙන් මම අනන්තවත් කෝට්ටේ බදාගෙන අඩන්න ඇති, සමහර විට මට නොදනිම කඳුළු මගේ නෙතු අගින් වැටුන. අපි කවුරුත් ප්‍රර්ථනා නොකරපු දෙයක් සිදුවෙනකොට ජිවිතේට උරාගන්නා බැරුව හැමෝම දුක් වෙනවා. අපි හැමෝම අනිත් අයව පාලනය කරන්න බලනවා මොනම ක්‍රමයකට හරි. නමුත් අද මගේම කකුල් දෙක මට පාලනය කරන්න බැරුව මම දුක් විඳිනවා. මගේ කකුල්දෙක මම කියන දෙයක් අන්හන්නේ නැතිනම්, කොහොමද මම තවත් කෙනකු මම කියන දෙයක් අහන්නේ කියල මට හිතෙනවා. මම කියන දේවල් චුට්ටක් හිතල බලන්න. ඔයාල හැම දෙනාම තමන්ගේ ආදරවන්තය ආදරවන්තිය දෙමව්පියෝ දරුවෝ පාලනය කරන්න බලනවා, නමුත් යථාර්තය එක නොවෙන බව මට කියන්න පුළුවනි. ජිවිතයේ දවසක් එනවා අපිට අපේම ශරීරය පාලනය කරගන්න බැරි වෙලාවක්, අද මම ඉන්නේ ඒ විදිහට. යාලුවනේ කවදාවත් කවුරුවත් පාලනය කරන එපා. අපි කියන දේවල් ඒ අය අහන්න ඕනි කියල හිතන්න එපා. එහෙම කරෝතින් ගොඩක් ප්‍රශ්න වලින් මිදිලා අපි හැමෝටම ලස්සන ජිවිතයක් ගතකරන්න පුලූවනි.

පිඹුරකු වෙලාගත් මගේ සිරුර...................



මට හිතෙන්නේ මගේ සිරුර වෙලාගෙන ඉන්න පිඹුරෙක් වගේ ආබාදිත බාවය කියල. මොකද ටිකින් ටික මාව වෙලාගෙන ඉන්නවා කවදාවත් අත්හරින එකක් නැතුව, මගේ සමහර කොටස් එයාට යටත් වෙලා. සිරුර තිබුනට ලස්සනට සමහර කොටස් හොලවන්නත් බැහැ වෙලාවකට . පිඹුරෙක් වෙලාගෙන ඉන්නකොට ටික ටික හරි මරණය ලංවෙනවා කියල ගොදුර හිතනවා. එක ස්වාබහව දහම. ජිවිතයක ලස්සන කරන්න පුළුවනි ඒ ජීවිතය තියන කෙනාටම විතරයි. නමුත් ලැබුන ටිකෙන් මම සතුටු වෙන එක හැරෙන්න, නොලැබුන කොටස ගැන මම දුක් වෙන්නේ නැතුව ඉන්න බලනවා. ජිවිතේ කියන්නේ මොකක්ද කියල මම තවම හොයනවා, ඒ සමගම රටේ ඉන්න ගොඩක් දෙනාගේ අකල්පමයේ වෙනසක් කිරීම මගේ එකම පැතුම. ගොඩක් දෙනා මග තොටදී හමුවෙන ආබාදිත කෙනකු නෙත් වලින් මෙන්ම අහන විදිහකෙනාට වේදනාවක් වෙන්න පුළුවනි. කොතැනක හරි වැරදීමක් තියනවා. මට දැනෙනදේ ඔබලාට කියලා දෙන්නම්. අපි සංවාද කරමු.

ඒ වගේම මගේ මේ පින්තුරය බලපු කෙනා නොහිතපු දේවල් මම ලියල තියන්නේ. අපි දකින ගොඩක් දේවල් ඇතුලෙන් කියන්නේ වෙනත් දේවල්. මගේ මුලික අරමුණ පෙන්නන පින්තුර තුලින් නොදකින දේවල් පෙන්වන්න.