මගේ පළමු ලිපිය මේක. අවුරුදු ගණනාවකට පෙර හැන්දෑවක කාර්යාලය ඉවරවෙලා ගෙදරට එන ගමන් මම පැදගෙන ආපු ස්කූටර් එක ඉදිරියෙන් ආපු වෑන් එකක හැප්පිලා මගේ අලුත් කතාව ආරම්බ උනා. අවුරුද්දක් විතර ප්‍රතිකාර අරගෙන රෝද පුටුවකින් ගෙදර අවා. මගේ මුළු ජිවිතයම උඩුකුරු උනා කියල හිතුන. ඉස්සර ආපු යාලුවෝ නෑදෑයෝ සියලුම දෙන ටිකින් ටික මගෙන් ඈත් උනා. ලෝකෙට හොරෙන් මම අනන්තවත් කෝට්ටේ බදාගෙන අඩන්න ඇති, සමහර විට මට නොදනිම කඳුළු මගේ නෙතු අගින් වැටුන. අපි කවුරුත් ප්‍රර්ථනා නොකරපු දෙයක් සිදුවෙනකොට ජිවිතේට උරාගන්නා බැරුව හැමෝම දුක් වෙනවා. අපි හැමෝම අනිත් අයව පාලනය කරන්න බලනවා මොනම ක්‍රමයකට හරි. නමුත් අද මගේම කකුල් දෙක මට පාලනය කරන්න බැරුව මම දුක් විඳිනවා. මගේ කකුල්දෙක මම කියන දෙයක් අන්හන්නේ නැතිනම්, කොහොමද මම තවත් කෙනකු මම කියන දෙයක් අහන්නේ කියල මට හිතෙනවා. මම කියන දේවල් චුට්ටක් හිතල බලන්න. ඔයාල හැම දෙනාම තමන්ගේ ආදරවන්තය ආදරවන්තිය දෙමව්පියෝ දරුවෝ පාලනය කරන්න බලනවා, නමුත් යථාර්තය එක නොවෙන බව මට කියන්න පුළුවනි. ජිවිතයේ දවසක් එනවා අපිට අපේම ශරීරය පාලනය කරගන්න බැරි වෙලාවක්, අද මම ඉන්නේ ඒ විදිහට. යාලුවනේ කවදාවත් කවුරුවත් පාලනය කරන එපා. අපි කියන දේවල් ඒ අය අහන්න ඕනි කියල හිතන්න එපා. එහෙම කරෝතින් ගොඩක් ප්‍රශ්න වලින් මිදිලා අපි හැමෝටම ලස්සන ජිවිතයක් ගතකරන්න පුලූවනි.
Friday 6 January 2012
මම කියන දේවල් අහන්නේ නැති මගේම හිතුවක්කාර කකුල් දෙක

Subscribe to:
Post Comments (Atom)
ඔබේ බ්ලොග් නාමය ගැන ටිකක් හිතන්න වෙනවා. ඔබේ බැරි කම ගැනද කියන්න යන්නේ? නැත්නම් "බැරි උනත්" පුළුවන් කම ගැනද?
ReplyDeleteබොහොම ස්තුතියි. ඔන්න මම නම වෙනස් කලා. ඇත්තටම මට ඕනි ලංකාවේ ආබාදිත අයවලුන් දෙස බැලීම වෙනස් කරන්න.
ReplyDeleteතමන්ට යමක් වුන කෙනාට තමයි ඒ දේ හොඳටම දැනෙන්නේ.අනිත් අය ඒක සිමියුලේට් කරගන එයාට මෙහෙම දැනෙනවා කියලා හිතන එකෙනුයි හැඟීමක් ගන්නේ.ඒ වගේම මම ලබල තියන විවිද අත්දැකීම් ඔස්සේ මම නම් තේරුම් අරන් තියන දෙයක් තමයි මේ හැම දෙයක්ම තියෙන්නේ හිත ඇතුලේ කියන එක.ඒ නිසා ඔබගේ (මම දන්නේ නැහැ මේක ලියන්නේ සහෝදරයෙක්ද සහෝදරියක්ද කියන එක) හිත නිරෝගීව පවත්වාගන්න. හැමදේම හරියාවි.. ඔබට ජය !!!
ReplyDelete(word verification එක අයින් කලොත් කමෙන්ට් කරන්න ලේසියි.. ස්පෑම් කමෙන්ට් එයි කියලා හිතෙනවා නම් කමෙන්ට් මොඩරේට් කරලා දාන්න)
ya thats true.Great work aiya....
ReplyDeleteya thats true . great work
ReplyDeleteඔබට මොකද වුනේ?
ReplyDelete